ඉගැන්වීමට එහා ගිය දෙයක් ranker.lk හරහා සිදුවෙනවා. ඒ තමයි කාලය (Timing). මොකද කිව්වොත් ප්‍රශ්නපත්‍ර Timing වලට තමයි කරන්න ඕන. Submit කලාම එවෙලෙම ලකුණුත් ලැබෙනවා.

MCQ ගොඩ දාගන්න කියපු පොයින්ට් ඇත්තටම ගොඩක් වටිනවා. මට ඒ පොයින්ට් 2020 A/L විභාගයට යොදාගන්න පුළුවන් වුනා.

මම ගොඩක් වීඩියෝස් දෙපාරකට වඩා බැලුවා. හරිම පැහැදිලිව අවශ්‍ය දේවල් කියල දෙනවා. වැඩ ටික කරගෙන යන්න ලොකූ morale එකකුත් දෙනවා

Ranker.lk එක නිසා මට ගොඩක් පාඩම් වල මිස් වුණ ඒවා අල්ලගන්න පුළුවන් වුණා.

සොච්චම් පඬුරකට,තිබ්බා ලොකුම ලොකු පූජාවක්... හිත පිරුන තැන මොලෙත් පිරුනා ලෙසටම.. ඔව් බන්, ඒක දේවාලයක්, ඇත්තටම දෙවියො වැඩ හිටියා...

Ranker.lk වල past papers වල ප්‍රශ්න අදාල පාඩමට exam year එකත් එක්කම categorize කරල තියෙනවා.

මං Combined Paper එකේ සීමාව ගණන ගොඩ දැම්මේ Ranker.lk එකෙන් බලලා.

පැය ගණන් ලොකු videos නැති නිසා කම්මැලි කෙනෙක්ට වුනත් බලන්න පුළුවන්.

සරලව, ඉතාමත් කෙටි වෙලාවකදී කොටස් වශයෙන් පාඩම් කියලා දෙනවා.

I highly recommend this platform, as it’s the best way to revise the whole syllabus within a small period of time.

දන්න පාඩම් වල පොඩි පොඩි points වලින් ලකුණු ගන්න විදිහ වගේම, නොදන්න පාඩම් වලත් ලේසියෙන් ලකුණු ටික ගන්න විදිහත් දැන ගත්තා.

කොරෝනා හින්දා පන්ති තිබ්බෙත් නැති නිසා තවත් අසරණ වෙලා ඉන්නකොට තමයි Ranker.lk එක හම්බවෙන්නේ. ඇත්තටම කියන්න වචන නෑ. සුපිරිම තමයි.

අයියලා අක්කලා ගේ අත්දැකීම් වලින් සමන්විත වූ කෙටි වීඩියෝ නිසා ඉක්මනින්ම theory දැනුම මෙන්ම ඉතා කෙටි කාලයකින් MCQs ගොඩ දාගන්න විදිහ දැනගන්න ලැබුනා.

Past Paper Questions වල විවරණයත් අයියලා අක්කලා විසින් ඉතා හොදින් පැහැදිලි කරන එක හරිම වටිනවා.

MCQ කරන්න අපිට යන වෙලාව දැනගන්න timing පෙන්නනවා. අදාල ප්‍රශ්න ඔක්කොම කරාම හරි වැරදි ගාන, ඒවට ගිය වෙලාව පෙන්නනවා. ඒක ඇත්තටම හොදයි.

ළමයින්ගේ තත්වය හොදටම තේරුම් අරගෙන අඩු කාල පරාසයකින් තියෙන පොඩි පොඩි වීඩියෝ වලින් පාඩම් ඔක්කොම cover කරා නියමෙට.

මේ සැරේ විභාගය අතාරින්නම බලාපොරොත්තු වුණු මට විෂයයන් තුනේම ලොකු අවබොධයක් ලබාගන්න පුළුවන් වුනේ වෙබ් අඩවියට පිං සිද්ධ වෙන්න. මට එපා වෙලා තිබ්බ විභාගය ලියන්න හරි හිතක් හැදුනේ Ranker වෙබ් අඩවියේ වීඩියෝ බලපු නිසා.

MCQ ප්‍රශ්නවලට අමතරව ඊට අදාල speed revision එකකුත් කළ නිසා theory කරුණු ඉක්මනින් මතක් කරගන්න අවස්ථාව ලැබුනා.

අපි අසරණ වෙලා ඉන්න වෙලාවක මේ වගේ Revision වැඩසටහනකින් මුළු syllabus එකම කවර් කරන නිසා කම්මැලි කමක් නැතුව ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්.

අපිට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමල් අයියලා අක්කලා කියල දෙන නිසා කම්මැලි කමක් නෑ. යාළුවෙක් කියල දෙනව වගේ තමයි දැනුනේ.

MCQ පොයින්ට් වලට කියල දෙන නිසා ඒක මාරම වටිනවා. ප්‍රශ්න පත්‍ර කරද්දී ඒ ප්‍රශ්නයට අදාලව theory වෙනම තියන එකත් මාරම වටිනවා.

I did my A/Ls in English medium but I followed Sinhala medium videos in Ranker.lk which were easy to understand.

මම මුලින් Past Papers කරපු නැති කෙනෙක්. ඒත් Ranker එකේ videos බලපු නිසා මං ගොඩක් Past Papers කරා.

ඔයාල කියල දීපු විදිහෙන් මට අලුත් ප්‍රශ්න කරන්න තව තවත් ආසා හිතුනා. ඒ වගේම විභාගයට ගිහින් සාර්ථකව මුහුණ දෙන්න මට ලැබුනා.

The way they interacted, the way of teaching, explaining everything was to the point and was very helpful.

Image

Verified

Sahan Udara
2020 A/L

මගේ නම සහන්‌ උදාර, මම බදුලු දිස්ත්‍රික්කයේ. 2020 A/L විභාගය මගේ 3RD SHY එක. ඉතින්‌ මම ජීව විද්‍යාව විෂයෙන්‌ තමයි A/L කළේ. කොරෝනා නිසා සියලුම පන්ති නැවතුන නිසා මමත්‌ Online Education වලට යොමු වුණා. මට Ranker.lk එක ගැන දැන ගන්න ලැබුනෙ Telegram එක ඔස්සේ තමයි.

අවාසනාව කියන්නේ විභාගයට මාසයක්‌ වගේ තියල තමයි මට මේ ගැන දැනගන්නට ලැබුනේ. මතක විදියට සැප්තැම්බර්‌ මුල. එවෙලේම මම Ranker.lk එකට කතා කළා. ඇත්තටම විෂයෙන්‌ 3ම ගන්න බය හිතුන වගේම කාලය මදි කියලත්‌ හිතුන. මොකද මමත්‌ මගේ වැඩ පිළිවෙළකට පාඩම් කරපු නිසා. නමුත්‌ මම මට අමාරුම විෂය තොරා ගත්තා. ඒත්‌ ගොඩක්‌ සැකෙන්‌. කමක්‌ නෑ කියල මම Chemistry තොරා ගත්තා. මුලින්ම මතක්‌ කරන්න ඕනි. මම Ranker.lk එකට කතා කළාම මට උපදෙස්‌ දුන්න රවීන්‌ අයියා. මට ගොඩක්‌ හොදට මේ සමූහය ගැන විස්තර කියල දුන්න. මාව Ranker.lk එකට සම්බන්ධ කළා. Log වීමේ ප්‍රශ්න ගොඩක්‌ විසඳා දුන්නා. ගොඩක්‌ මහන්සි වෙලා මට මට ඒ කටයුතු ටික කරල දුන්නා.

මම Shy 3ක්ම A/L කළා. නමුත්‌ මට ඕන Result එකට එන්න කලින්‌ Shy 2ම බැරි වුණා. මම ඒවට හේතු කියල දකින්නේ කලින්‌ මගේ ඉගනුම්‌ ක්‍රම වල සහ රටාවේ වැරදි. නමුත්‌ මට හිතා ගන්න බෑ මම සැකෙන්‌ තෝරා ගත්ත Ranker.lk අන්තිම මොහොතේ හරි මට Chemistry වල MCQs 10 කට එහා (මම දන්නේම නැති) ගොඩ දා ගන්න උදවු වුණා. බොරු කියන්න ඕනෙ නෑනෙ. උදාහරණයක්ම කියන්නම්‌.

Electro Chemistry වල ගනන්‌ හදන්න දැනගෙන හිටියට හැම වෙලේම ඉලෙක්ට්‍රෝඩ විභවය 4. වෙන්න ඕනි කියල මම දැනගෙන හිටියෙ නෑ. හිතන්න එතකොට මම කලින්‌ පාඩම්‌ කරල තිබුන විදිය. මේ එක උදාහරණයක්‌ විතරයි .මේ කරුණ දැන ගත්තට පස්සෙ MCQs වල උත්තර 6න්‌ 2ක්‌ 3ක්‌ වගේ කිසිම කාලයක්‌ ගන්නේ නැතුව අයින්‌ කරන්න පුළුවන්‌ වුණා. ඒ වගේම තත්පර 10ක්‌ ඇතුළත උත්තරය ගන්නත්‌ පුළුවන්‌ වුණා. මේ එක දෙයක්‌ විතරයි. මේ වගේ ගොඩක්‌ තැන්‌ මම කෙටි කාලෙකින්‌ (මාසෙකින්‌ වගේ) හදා ගත්තා. ඇත්තටම දුකයි.මට මේ Ranker.lk එක ගැන කලින්‌ දැනගන්නට බැරි වුණ එක. අපි එක වතාවක්‌ මුදල්‌ ගෙව්වම දින 90ක්‌ ලැබෙනවා. ඒ කාලෙ ඇතුළත ගොඩක්‌ දේවල්‌ හදා ගන්න පුළුවන්‌. කිසිම කෙනෙක්‌ කිව්ව දෙයක්‌ මම මේ කියනව නෙමෙයි. මම අත්‌ විදීමෙන්‌ ලබා ගත්ත දෙයක්‌. ඒ නිසා අලුතින්‌ එන නංගිලා මල්ලිලාට කිසිම බයක්‌ නැතිව වගකීමෙන්‌ Ranker.lk මට Recommend කරන්න පුළුවන්‌.. නමුත්‌ මහන්සි වෙන එක තියෙන්නේ ඔයාලාගේ අතේ.

ඊලගට කිව්වොත්‌, මෙම Ranker.lk වැනි සමූහයක්‌ පිලිබදව අදහස්‌ යෝජනා කල පුද්ගලයව මම දන්නේ නෑ. නමුත්‌ මෙවනි Concept එකක්‌ හදුන්වා දීම පිලිබදව මම ගොඩක්‌ ස්තූති වන්ත වෙනවා. ඒ වගේම ගොඩක්‌ පින්‌ දෙනවා. ඒකට හේතුව කිව්වොත්‌. අපේ රටේ Rank එකක්‌ දාල Campus ගිය කෙනෙක්‌ ගෙන්‌ ඉදිරියට විභාගයට මුහුණ දෙන ලමයෙකුට උදවුවක්‌ ලැබෙන්නේ නෑ. ඔවුනොවුන්ගේ සමීපතම අයට හැර මුළු ලංකාවේම ළමයින්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ.

ඒ වගේම එම Ranker Campus ගිහින්‌ ඔහු වෘතිකයෙකු ලෙස වෛද්‍යවරයකු හෝ ඉන්ජිනේරුවෙකු හෝ වෙනත්‌ උසස්‌ වෘතිකයෙකු වී ඒ සම්බන්ධව කටයුතු කරයි. ඔහු සොයා ගත්‌ පාඩම්‌ කිරීමේ කෙටි ක්‍රම, උපක්‍රම, දින කලමනාකරණය, විෂය කරුණු සියල්ලම වැලලී යයි. ඉදිරියේ A/L ලියන ළමයින්ට නොලැබෙයි. නමුත්‌ මෙවැනි Ranker.lk මගින්‌ දිවයිනේ මුල්‌ Rank ගත්ත ලමයි එක තෝතැන්නක්‌ වී කරන මේ මෙහෙවර නිසා ලංකාවේම ළමයින්ට අවස්ථාව ලැබෙනවා. ඒ වසනාව වත්‌ මදිද අපි වගේ අයට.

ස්තූති Ranker.lk! ඒවගේම මං‌ දන්න තරමින්‌ ලක්‌ සිසුන්ට මේ වගේ අවස්ථාවක්‌ ලබාදෙන ප්‍රථම, එකම හා හොදම වැඩසටහන තමයි Ranker.lk ගොඩක්ම වැදගත්‌ කරුණ තමයි එක video එකක්‌ විනඩි 15 කට වඩා දිග නොවීමයි. ඇත්තටම වෙනත්‌ පාඩම්‌ බලද්දී මාරම කම්මැලි. මුල මැද අග හොයා ගන්න වත්‌ බැ. අගට යද්දි මුල අමතකයි. නමුත්‌ Ranker.lk වීඩියෝ මලාව කෙටි නිසා ආසාවෙන්..කම්මැලි කමක්‌ නැතුව හොඳට වැඩටික කර ගන්න පුළුවන්‌ වුණා. ඒ වගෙම අපිට දෙන Online පැවරුම්‌ නිසා ප්‍රශ්න එන හැටි දැන ගන්නත්‌ පුළුවන්‌ වුණා.

හරී දැන්‌ Ranker.lk හි අපිට උදවු කරන Ranker ලා ගැන කිවුවොත්‌, එතන මට වැඩිමල්‌ අක්කලා අයියලා, මගෙ වයසෙ අය, නංගිල මල්ලිලා ඉන්නවා. මුලින්ම කියන්න ඕනි ඔයාල මෙහෙම සේවයක්‌ කිරීමට ඉදිරිපත්‌ වීම ගොඩක්‌ අගය කරනවා වගෙම ගොඩක්‌ ස්තූති වන්ත වෙනවා. මොකද ගොඩක්‌ අය තමන්ගේ දැනුම ඉදිරි පරම්පරාවට දෙන්න අකමැතියි. නමුත්‌ ඔයාල මේ කරන සේවය ගොඩක්‌ උසස්‌. ඒ වගෙම වැදගත්‌. පෞද්ගලික වශයෙන්‌ මම ඇත්තටම Ranker කෙනෙක්‌ වැඩ කරපු විදිය ගැන දැන ගත්තා. අපිට කවුරුත්‌ මෙහෙම කියල දෙන්න හිටියේ නෑ කලින්‌. විශාල විෂය කරුණු.ඉතාම කෙටියෙන්‌ නිවැරදිව ලබලා දුන්නා. අලුතෙන්‌ Ranker.lk ගැන දැන ගන්න ලැබුණු නංගිලා මල්ලිලාට මම කියන්නේ මෙහෙම දෙයක්‌ ඔයාල හිතල බලන්නකෝ.

මේ Ranker එකක්‌ දාපු අයියලා අක්කලා මේ තත්වෙට එන්න ගොඩක්‌ මහන්සි වුණා. ගොඩක්‌ කාලය වැය කරල, නිදි මරල එයාලගේම පඩම්‌ කරන රටාවක්‌, අලුත්‌ අලුත්‌ ක්‍රම, විෂය කරුණු මතක තියා ගන්න ක්‍රම,(කෙටි වාක්‍ය රටා ) වගේ හොයා ගත්තා. ඒව හොයා ගන්න එයාලට ගොඩක්‌ කාලයක්‌ ගියා. නමුත්‌ ඒ හොයා ගත්තු දේවල්‌ ඔක්කොම ඔයාලට දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින්‌ එතනම හිතන්නකෝ ඔයාලට ඒ දේවල අලුතින්‌ හොයා ගන්න යන කාලය ඉතිරියි නේද?. අලුත්‌ වැඩක්‌ කරන්න ඔයාලට කාලය ඉතිරි වෙනවා. ඔයාල ගොඩක්‌ වාසනාවන්තයෝ මේවගෙ Ranker.lk වැඩසටහනක්‌ ඔයාලට තියන නිසා. අනිත්‌ වැදගත්ම දේ තමයි මේ උගන්වන ,ඔයාලට දෙන කිසිම දෙයක වටිනාකම මෙච්චරයි කියලා මිලක්‌ නියම කරන්න බෑ. ඒවගේ වටිනා කම අනන්තයි. වටිනා කම එමටයි.. එතකොට මගෙන්‌ අහයි රු 2000ක්‌ 2500ක්‌ ගන්නේ මොන බම්බුවටද කියලා. ඔව්‌ ඒක ඇත්ත. ඒත්‌ මම කියන්නේ මේ විෂය කරුණු වල වටිනාකම 2000ට වැඩියි.

ඔයාල අවුරුදු 2 හමාරක්‌ පංති ගියත්‌ මේ තරම්‌ කෙටි ක්‍රම ප්‍රමාණයක් ගන්න බෑ. අත්‌ විදීමෙන්‌ කියන්නේ. නිකන්‌ නෙමෙයි. මමත්‌ මේකෙන්‌ ඉගන ගත්ත කෙනෙක්‌ නිසා. ඒත්‌ රු 2000ක්‌ 2500ක්‌ මුදලක්‌ ගන්නේ ඔවුන්ගේ කැපවීම, ඔවුන්‌ කලින්‌ මහන්සි වෙලා ඉගන ගත්ත නිසා, මේ වැඩසටහන්‌ නිර්මාණයට, ඒ වගේම අයියලා අක්කලාගේ ඉදිරි ගමනට උදවුවක්‌ වෙන්න.. ඔයාල මාස 3ක්‌ පංති ගියත්‌ අමතර වියදම ම.2000ට වඩා යනවා නේද?..ඉතින්‌ මේකට සහභාගී වෙලා ඉගන ගන්න එක වටින්‌ නැද්ද?. නමුත්‌ උගන්වන මේ දේවල්‌ අමිලයි.. මම මුලින්‌ කිවුවා වගේ මම මේකට මුදල්‌ දුන්නේ සැකෙන්‌, බයෙන්‌. ඒත්‌ අලුත්‌ ඔයාලාට මම කියන්නේ කිසිම බයක්‌ වෙන්න එපා. හිතන්න එපා. විෂයන්‌ තුනම ගන්න. ඔයාලට පංති වලින්‌ ගන්න බැරි ලොකු දෙයක්‌ නොදැනීම ලැබෙයි .

ඔයාල මාස 3ක්‌ පංති ගියත්‌ අමතර වියදම ම.2000ට වඩා යනවා නේද?..ඉතින්‌ මේකට සහභාගී වෙලා ඉගන ගන්න එක වටින්‌ නැද්ද?.

නමුත්‌ උගන්වන මේ දේවල්‌ අමිලයි.. මම මුලින්‌ කිවුවා වගේ මම මේකට මුදල්‌ දුන්නේ සැකෙන්‌, බයෙන්‌. ඒත්‌ අලුත්‌ ඔයාලාට මම කියන්නේ කිසිම බයක්‌ වෙන්න එපා. හිතන්න එපා. විෂයන්‌ තුනම ගන්න. ඔයාලට පංති වලින්‌ ගන්න බැරි ලොකු දෙයක්‌ නොදැනීම ලැබෙයි .

අවසානෙට මම කියන්නම්‌ , Ranker.lk ඔයාලගේ සුහදත්වය ,කතා බහ.ගොඩක්‌ අපිට වැදගත්‌ වුණා. හොදින්‌ පාඩම්‌ කරන්න ඒකත්‌ උදවු වුනා සත්තකින්ම. මගේ නම්‌ යෝජනාව මෙම වැඩසටහන ළමයි විතරක්‌ නෙමෙයි, ගුරුවරුන්ට පවා තමන්ගේ ඉගැන්වීමේ කටයුතු වලට මනා පිටුවහලක්‌ වෙයි.මොකද අපේ හිත් වලට වදින ක්‍රම මෙයාල ගාව තියන නිසා.... දෙමාපියන්ටද ඉතාම විස්වාසයෙන්‌ කියන්න පුළුවන්‌ Ranker.lk වගේ වෙන කිසිම තැනකින්‌ ලබා ගත නොහැකි

අවසානෙට මම කියන්නම්‌ , Ranker.lk ඔයාලගේ සුහදත්වය ,කතා බහ.ගොඩක්‌ අපිට වැදගත්‌ වුණා. හොදින්‌ පාඩම්‌ කරන්න ඒකත්‌ උදවු වුනා සත්තකින්ම. මගේ නම්‌ යෝජනාව මෙම වැඩසටහන ළමයි විතරක්‌ නෙමෙයි, ගුරුවරුන්ට පවා තමන්ගේ ඉගැන්වීමේ කටයුතු වලට මනා පිටුවහලක්‌ වෙයි.මොකද අපේ හිත් වලට වදින ක්‍රම මෙයාල ගාව තියන නිසා.... දෙමාපියන්ටද ඉතාම විස්වාසයෙන්‌ කියන්න පුළුවන්‌ Ranker.lk වගේ වෙන කිසිම තැනකින්‌ ලබා ගත නොහැකි

දැනුමක්‌ ඉතා අඩු කාලයකින්‌ ළමයින්ට ගන්න පුළුවන්‌. ඉතාමත්‌ ආදරෙන්‌ කියන්නේ .මමත්‌ මමත්‌ A/L වලට ගොඩක්‌ මහන්සි වෙලා පාඩම්‌ කරපු කෙනෙක්‌. ගොඩක්‌. ඒ වගේම තමයි මෙයාලත්‌, මමත්‌ පාඩම්‌ කරපු නිසා කියන්නේ. මේකෙ අමාරුව මාත්‌ දන්නවා........ ඉතින්‌ අපිට ලබා දෙන මේ දේ අයුතු ලෙස Share කරන්න එපා ..කවදාවත්‌ පිහිටන්නේ නෑ. ඕන තරම්‌ අත්දැකීම්‌ තියන්වා ඒ ගැන.මේ ලෝකයේ ධර්මතාවයක්‌ කියල එකක්‌ තියනවනේ. ඉතින්‌ කුහක වැඩ කරන අයට කවදාවත්‌ ඉගන ගන්න දේ පිහිටන්නේ නෑ එහෙම කලොත්‌. ඒ නිසා සාධාරණව ඔයාල Ranker.lk ඵකත්‌ එක්ක එකතු වෙලා වැඩ ටික කරගන්න.

අන්තිමට මට යෝජනාවක්‌ කරන්න ඕනි. ඇත්තටම Ranker කෙනෙක්‌ මේ විෂය කරුණු දෙනව වගේම ඔයාල පාඩම්‌ කරපු විදිය, දවස කලමනාකරණය කරපු විදිය, වගේ දේවල්‌ ටිකක්‌ අපේ අනාගත ළමයින්ට කියල දුන්නොත්‌ හොදයි කියල හිතෙනවා. ඒ වගේම මට PC එකෙන්‌ Ranker එකට Log වෙන්න අමරු වුණා. ඒ නිසා APP එකක්‌ වගේ මාර්ගයකින් අපිට Log වෙන්න ක්‍රමයක්‌ තිබ්බ නම්‌ හොදයි කියලත්‌ හිතෙනවා.. මම දන්නේ නෑ දැන්‌ එහෙම නිර්මාණය කරල තියෙනවාද කියල. මේ මගේ අදහස.

ඇත්තෙන්ම මමත්‌ ගොඩක්‌ කැමති Ranker.lk සමග එකතු වෙලා අපේ අනාගත පරපුරට යම්‌ උදවුවක්‌ කරන්න. නමුත්‌ ඒ අවස්ථාව මට ලැබෙයිද දන්නේ නෑ. මගෙත්‌ A/L ජීවිතේ ගොඩක් අත්දැකීම්‌ තියන්වා බෙදා ගන්න. නමුත්‌ Rank එකක්‌ ගන්න පුළුවන්ද කියල මම දන්නේ නෑ. නමුත්‌ මෙහි Ranker ලා ඔයාල හැමෝටම හදවතින්ම සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්‌ සාර්ථක වෙන්න ඕනි කියලා.

…….බුදු සරණයි .........

Read more
Image

Verified

Maleesha
2020 A/L

ආදරණීය අයියේ, අක්කේ... Ranker.lk එක හරහා අපිට ලබාදුන් උදව්වට බොහොම ස්තුතියි.. මම 2020 A/L කරපු මල්ලියෙක්‌.. මම මේ වෙබ්ස්යිට්‌ එක ගැන දැනගන්නෙ අහම්බෙන්‌ .ඒ දැනගන්න දවසම මගෙ හිතට කුතුහලයක්‌ ආවා තවදුරටන්‌ මේ සයිට්‌ එක ගැන හොයන්න. ඒ උත්සහය නිසා A/L Exam එකට මාස 3ක පමණ ඉතාමත් කෙටි කාලයකට පෙර මම සයිට්‌ එක ගැන ගොඩක්‌ details දැනගත්තා. එදාම මට ලියාපදිංචි වෙන්න උවමනා වුනන්‌ මට මගෙ ආර්ථික තත්වෙත් එක්ක විෂයන්‌ දෙකක්‌ සදහා පමණයි ඉල්ලුම් කරන්න සිදු වුණේ..(Physics & Chemistry) මම Maths Theory තරමක්‌ දුරට කවර්‌ කරගෙන නිඛුනන්‌ Chemistry & Physics කොහොමද කරගන්නේ කියල හිත හිත සිටින මොහොතක Ranker.lk සයිට් එකෙන් ලැබුණු දැනුම්‌ සම්භාරය ඉමහත්‍.

Island Rank, District Rank ඉහළම අයියලා අක්කලා මේ වගෙ Programe එකක්‌ අපිට ලබාදීම සම්බන්ධව ගොඩක්‌ සතුටු වුණා. නොදන්න පාඩම් කොටස්, MCQ Tips, කාලය කලමනාකරණය Exam එකට Motivation, අයියලා අක්කලාගෙ අත්දැකීම් වලින් සමන්විත වූ short video නිසා ඉක්මනින්ම theory Knowledge එක මෙන්ම ඉතා කෙටි කාලයකින් MCQ ගොඩදාගන්න සහ speed revision එකක් කරගන්න ලැබීම ඇත්තටම මට මගෙ Exam එකට ගොඩක් වැදගත් වුනා. මම හිතනවා ඇත්තටම Ranker.lk කියන්නෙ මට ලැබුණු වටිනාම දෙයක් කියල.

කියල දෙන කරුණක් ම ගොඩක් හොදට තේරුනා. Past papers discussion එකත් ගොඩක් වැදගත් වුනා. මම හිතනවා මට best result එකක් තියෙයි කියල.. ගොඩක් ස්තුතියි මේ සදහා මහන්සි වුන අයියලා අක්කලට.

ඇත්තටම ගොඩක් පින්…🙏

මම මලීෂ, අම්පාර

Read more
Image

Verified

N.K Tennakoon
2020 A/L

Ranker.lk කියන්නේ ගුණාත්මක බවින්‌ යුතු සහ සැබවින්ම වටිනා කමින්‌ යුතු education website එකක්‌. ඒ ඒ පාඩමට අදාළ Theory points ඔක්කොම Revise වෙන විදිහට සහ ඒ ඒ පාඩමට අදාළ Past Papers Questions එකතු කරල, ඒවා Time කරලා කරන්න පුළුවන්‌ විදිහට ඉතාමත්‌ සංවිධානාත්මකව මෙම website එක නිර්මාණය කරලා තිබීම නිසා සිසුන්‌ වන අපිට ඉතාම පහසු වුණා පාඩම්‌ කරගන්න. එකී Past papers questions වල විවරණත්‌ අයියලා අක්කලා විසින්‌ ඉතා හොදින්‌ පැහැදිලි කරන එක එක හරිම වටිනවා. ඒක අපිට ලොකු උදව්වක්‌ වුණා. පාඩම්‌ වලට අදාළ MCQ කරන විට එක්‌ එක්‌ ප්‍රශ්නයට අදාළවත්‌ Time limits සදහන්‌ කරලා තියෙන නිසා අපිට අපේ දැනුම මට්ටම බලා ගැනීමටත්‌ එය උදව්වක්‌ වුණා.

විශේෂයෙන්ම Ranker.lk හි ඉගැන්වීම්‌ කටයුතු කරන අයියලා අක්කලා ඉතා දක්ෂ සහ හොද island Rankers ලා නිසා අපිවත්‌ Auto Motivate වෙනවා ඔවුන්ගෙන්‌ ඉගෙන ගන්න විට.

එම නිසා මට හැඟෙන විදිහට ලංකාවේ A/L වලින්‌ හොඳ Result එකක්‌ අවශ්‍ය ළමයෙක්‌ නම්‌ අනිවාර්යෙන්ම Ranker.lk education website එක සමඟ එකතු විය යුතුයි.

තවද, Video එකක්‌ ආරම්භයේදි සහ අවසානයේදි Play වෙන Music එකත්‌ Stress release වෙන සහ අපිව inspire කරන Music එකක්‌.

මට නම්‌ පාඩම්‌ වැඩ ලේසියෙන්‌ කර ගන්න, මගේ දැනුම මට්ටම බලා ගන්න, අයියලා අක්කලා දිහා බලලා මාව තවත්‌ උනන්දු කරවගන්න මෙම Ranker.lk education website එක ගොඩක්‌ උපකාර වුණා.

තමන්ගේ A/L ඉලක්කය සැබෑ කරගන්න, Ranker.lk සමඟ එකතු වීම ඉතා අවශ්‍ය සහ ඉතා වැදගත්‌ දෙයක්‌ හැටියටයි මට දැනෙන්නේ.

එම නිසා Ranker එකට 10න්‌ ලකුණු දෙන්න කිව්වොත්‌ 10න්‌ 10ම මම දෙනවා.

ඒ වගේම මෙම Ranker.lk website හි සියළුම ඉදිරි වැඩ කටයුතු වලට මම සුභ පතනවා.

N.K Tennakoon

Physics 2020 A/L

Read more
Image

Verified

M.G.H Kashmira Devyanjali
2020 A/L

මම M.G.H කශ්මිරා දිව්‍යාංජලී මම කළුතර දිස්ත්‍රික්කයේ 2020 විභාගය කියන්නේ මගේ 1st Shy 1. මං Exam කලේ ජීව විද්‍යාව අංශයෙන්‌.

මට Ranker.lk ගැන දැනගන්න ලැබුණේ Telegram වලින්‌. මට මතක හැටියට සැප්තැම්බර්‌ මාසයේ මුල තමා. ඒක ඇත්තටම මගේ අවාසනාව, මේ ගැන කලින්‌ ම දැනගන්න බැරි වුණ එක. 🥺 ඒ කාලේ වෙද්දී Class දාලයි ඒවායේ වැඩයි පාඩම්‌ කරන ඒවයි papers ලියන්නයි වැඩ ගොඩයි. ඒ හින්දා වගේම Exam 1 ටත්‌ මාසයක්‌ පමණ කාලයක්‌ ඉතිරි වෙලා තියෙන නිසා මම Ranker.lk එකෙන්‌ විෂයන්‌ 3ම ගත්තේ නෑ. මං තෝර ගත්තේ ජීව විද්‍යාව හා භෞතික විද්‍යාව. රසායන විද්‍යාව තෝර ගත්තේ නැත්තේ ඇත්තටම මට Time මදි වුණ නිසා. ඇත්තටම මේ ගැන කලින්‌ දැනගන්න ලැබුණා නම්‌ කියලා අනේක වාරයක්‌ හිතුණා.

මට මේකෙදී ගොඩක්‌ උදව්‌ කළා තමිදු අයියා. Ranker.lk කියන්නේ මොකක්ද, කවුද කරන්නේ, හැම දෙයක්‌ ගැනම කියලා දුන්නා. තමිදු අයියා තමයි Telegram වලින්‌ මාව මේ ගැන දැනුවත්‌ කලේ. Telegram group 1කින්‌ Contacts අරගෙන. ඒකට තමිදු අයියාව සම්බන්ධ කරපු සහෝදරියටත්‌ මං ගොඩක්‌ ස්තුතිවන්ත වෙනවා මේ ගැන දැනුවත්‌ කරන්න එයා දැක්වූ සහයෝගයට. එයත්‌ Ranker.lk වලින්‌ ප්‍රයෝජනයක්‌ අරගෙන ඒ ගැන එයා වගේම තවත්‌ අයට ඉගෙන ගන්න උදව්‌ කළා ඒක ගොඩක්‌ වටිනවා. මොකද A/L කියන්නේ ගොඩක්‌ තරගකාරී විභාගයක්‌. විශේෂයෙන්ම විද්‍යා, ගණිත අංශ වලට. අනෙක්‌ අංශ පහත්‌ කරනවා නෙවෙයි. ඒවත්‌ වටිනවා අනිවාර්යයෙන්ම. විද්‍යා, ගණිත අංශ ගැන Special කලේ A/L විෂය ධාරා වලින්‌ ගොඩක්‌ අමාරුයි කියලා කියන්නේ ඒවා නිසා. තරගකාරී බව නිසාම ගොඩක්‌ ළමයි ආත්මාර්ථකාමී වෙනවා. තමන්‌ දන්න දෙයක්‌ වෙන කෙනෙක්ට කියලා දෙන්න මොකද Exam 1දි ඒ කෙනා තමන්ට වඩා වැඩි ප්‍රමාණයක්‌ ලකුණු ගනියි කියලා.

ඒ අතරෙදි තමන්‌ වගේම අනිත්‌ අය ගැන හිතන එක ගැන ඇත්තටම ස්තූතිවන්ත වෙනවා. Ranker.lk වල Free Trial බැලුවම මට හිතුනා මේක සුපිරි වැඩක්‌ කියලා. මං මගේ යාළුවන්ටත්‌ මේ ගැන කිව්වා.

ඒත්‌ ඇත්තම කියන්න ඕන, මට මුලින්ම හිතුණා මේ මොකක්ද මේ කියලා. සල්ලි බදින්නත්‌ ඕන නිසා ඉතින්‌ කල්පනා කළා මොකක්ද කරන්නේ කියලා. සැකයක්‌ ආවා මුලින්‌ ඇත්තටම. දැන්‌ සමාජෙ හැටියට එහෙම හිතනවානෙ ඉතින්‌. මං Biology වල Trial බලද්දී තේරුණා මේක ඇත්තටම ඇත්ත වැඩක්‌ කියලා. මොකද මං Biology වලට Class ගිය sir ගෙන්‌ ඉගෙන ගෙන Rank දැම්ම අයියා කෙනෙක්‌ හිටියා. ඉතිං මං මේ වැඩසටහන එක්ක සම්බන්ධ වුණා.

ඊළඟට මේ වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන නංගිලා මල්ලිලා ටයි මගේ වයසේ අයටයි 3rd shy කරන අක්කලා අයියලාට කියන්නේ බය නැතුව මේ වැඩසටහන එක්ක සම්බන්ධ වෙන්න. මං Ranker.lk කරනවා A/L ගොඩ දාගන්න වටිනා දෙයක්‌ විදියට.

මේ Concept කාගෙද කියලා දෙන්නේ නෑ. ඒත්‌ මේක ඇත්තටම ගොඩක්‌ වටිනවා අනිවාර්යයෙන්ම. අපේ වචන වලින්‌ ම කියනවනම්‌ පට්ටයි, සුපිරියි, එළකිරි. 🤭

Lessons වල Videos තියෙන්නේ පොඩි පොඩි ඒවා විදියට. ඒක ඇත්තටම හොඳයි. පැය ගණන්‌ එක දිගට බලන්න ගියාම එපා වෙනවා නේ. මේකේ තියෙන විදිය නිසා කම්මැලි කමක්‌ එන්නේ නෑ.

මං Exam කළේ සිංහල මාධ්‍යයෙන්‌. 2019 ඉදන්‌ අළුත්‌ Syllabus නිසා එක එක ගැටළු ආවනේ Syllabus අවුල්‌ ගිහින්‌ Resource book වල වැරදි, පරණ Syllabus එකේ තියෙන අළුත්‌ එකේ නැති ඒවා අළුත්‌ එකට උගන්නනවයි ප්‍රශ්න ගොඩයි. Physics chemistry වලට වගේ Past Pastpapers වල හැම ප්‍රශ්නෙටම උත්තර ලියන්න බෑ. ඒ Syllabus 1 ඒවා අළුත්‌ එකට වැරදියි, අළුත්‌ එකේ ඒවා පරණ එකට වැරදියි. මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බෑ.

ඒත්‌ ඇත්තම Ranker.lk වල Past Papers වල ප්‍රශ්න අදාල Unit 1ට Exam year එකත්‌ එක්කම Categorize කරලා තියෙනවා. (MCQ) ඒවා කරන්න අපිට යන වෙලාව දැනගන්න Timing පෙන්නනවා. අදාළ ප්‍රශ්න ඔක්කොම කළාම හරි වැරදි ගාණ, ඒවට ගිය වෙලාව පෙන්නනවා. ඒක ඇත්තටම හොඳයි මොකද MCQ කියන්නේ Time management කරගන්න ඕනම දෙයක්‌. Specially Physics.

Ranker.lk එකේ අක්කලා අයියලා පැහැදිලිව ඒ කොටස්‌ ගැන කියලා දෙනවා. ප්‍රශ්න Discuss කරනවා.

මේකට ගෙවන්න වෙන මුදල්‌ ප්‍රමාණය ගැන කීයටවත්‌ පසුතැවිලි වෙන්න එපා මොකද මේක දවස්‌ 90ක්‌ බලන්න පුළුවන්‌ වගේම එකම Video 1 ආයි ආයි බලන්න පුළුවන්‌. අනික මේ ගෙවන මුදලට වඩා ඒ කට්ටියගෙ මහන්සිය වටිනවා. ඒ අක්කලා අයියලා දැන්‌ A/L හොඳට කරලා Campus ගිහින්‌ එයාලගේ අනාගතේ ගොඩගන්න ඕන අඩිතාලම දාලා ඉවරයි. එයාලට මේවා කරන්න ඕන නෑ එයාලට කරන්න තව ඕන තරම්‌ දේවල්‌ තියෙනවා. එහෙම වෙලත්‌ ඒ කට්ටිය තමන්‌ දන්න දේ තව කෙනෙකුට කියලා දීලා ඒ කෙනා වත්‌ ගොඩගන්න කරන කැපවීම මිල කරන්න බැහැ. තමන්‌ කියලා දුන්නු දේකින්‌ තව කෙනෙක්‌ ගොඩ යනවා දකින්නත්‌ හැමෝටම බෑ. ඒ අතින්‌ මේ අක්කලාඅයියලා කරන්නේ ලොකු පිනක්‌. 🙏

මට තිබ්බ අඩුපාඩුවක්‌ තමයි MCQ කරන්න ගියාම කලබලේට උත්තර ගහන්න යනවා. ඉතින්‌ දන්න ඒවත්‌ වරදිනවා. අන්තිමට මං ඒක හදාගත්තේ මේකෙන්‌.

මං යෝජනා කරනවා මේ වැඩසටහනට SEQ , Essays පුළුවන්‌ නම්‌ add කරන්න කියලා. ඒ වගේම Time management ගැන, අක්කලාඅයියලා මේ තත්ත්වයට එන්න වැඩ කරපු හැටි ගැන කියන්න පුළුවන්‌ නම්‌ ඒ වගේම පාඩම්‌ වැඩ කරන්න තමන්ගේ ම ක්‍රමවේදය අනුව මිසක්‌ එක එක අයව අනුකරණය කරන්න ගියාම වෙන දේ ගැන කියලා දෙන්න කියලා. මොකද නංගිලා මල්ලිලා තමන්ට දරන්න බැරි වුණත්‌ අනුකරණය කරන්න ගිහින්‌ විෂය එපා කරගන්නනවානේ. මට වඩා ඒ ගැන අක්කලා අයියලා දන්නවා ගොඩක්ම.

ඒ වගේම පාඩම්‌ වැඩ කරද්දී පාවිච්චි කරන්න පුළුවන්‌ Tricks කියලා දෙන්න හරි ඒ ගැන කියලා දෙන්න පුළුවන්‌ නම්‌ වටිනවා. මාත්‌ ඇත්තටම ආසයි මේකට සම්බන්ධ වෙලා මං දන්න දේවල්‌ කියලා දෙන්න. මට ඒ වාසනාව තියේවි ද දන්නේ නෑ.

ඒත්‌ කමක්‌ නෑ. මේ වටිනා වැඩසටහන කරන අක්කලා අයියලාට හදවතින්ම සුබ පතනවා තවත්‌ ඉදිරියට යාමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය වාසනාව හා නිරෝගී බව ලැබෙන්න කියලා.

…. තුණුරුවන් සරණයි….

Read more
Image

Verified

Vihanga Marasinghe
2020 A/L

ඇත්තටම Exam එකට මාස 3 ක්‌ විතර තියෙද්දිත්‌ මට Physics කියන්නෙ ගොඩක්‌ අමාරු Subject එකක්‌. අනිත්‌ Subject කෙසේ වෙතත්‌ Physics ගොඩදාගන්න බැරිවෙයි කියල මට මාරම බයක්‌ තිබ්බෙ. මාස තුනකින්‌ මේක කරගන්නේ කොහොමද කියල හිතාගන්න බැරුව මම මාර අවුලෙන්‌ හිටියෙ. ආයෙත්‌ අලුතින්ම Syllabus එක refer කරන්න තරම්‌ වෙලාවක්‌ තිබ්බෙත්‌ නෑ. ගෙදරට අයියා කෙනෙක්‌ හරි අක්කා කෙනෙක්‌ හරි ගෙන්නගෙන Individual class එකක්‌ කරවගන්න විදියක්‌ තිබුනෙත්‌ නෑ කොරෝනා ප්‍රශ්නෙ නිසා. ඔය කාලේ තමයි මට මගෙ යාලුවෙක්‌ Ranker.lk website එක ගැන කිව්වෙ පොඩ්ඩක්‌ ඒක බලන්න කියලා. ඒ හින්දා මං ඒ website එකට නිකමට ගිහින්‌ බැලුවා. පස්සේ ඒකේ තිබ්බ Free trailer එක බැලුවම මේක හොඳයි වගෙ කියල හිතුන නිසා ඒ අදාල Payment එක කරලා මට ගොඩදාගන්න ඕන කරන Physics පාඩම්‌ ඔක්කොම වගේ බැලුවා.

මේ website එක කරගෙන යන්නෙ A/L වලින්‌ හොඳ Ranks දාපු අයියල අක්කල නිසා එයාලා ළමයින්ගේ තත්ත්වය හොඳටම තේරුම්‌ අරගෙන අඩු කාල පරාසයන්‌ තියෙන පොඩි පොඩි වීඩියෝ වලින්‌ Theory ඔක්කොම Cover කරා නියමෙට.ඇත්තටම මේක ගොඩක්‌ හොඳ වැඩපිළිවෙළක්‌ .මම හිතනව මට වගේම තව ගොඩක්‌ ළමයින්ට මේ වැඩපිළිවෙළ ලොකු උදව්වක්‌ වෙන්න ඇති.ඒ නිසා මේ website එක මේ විදියටම දිගටම කරගෙන යන්න ලැබෙන්න කියල මම සුබ පතනවා.

Thank you Ranker.lk

Read more
Image

Verified

Samod Amarasinghe
2020 A/L

මම සමෝද්‌ අමරසිං. මං 2020 A/L විභාගයට මුහුණ දුන්නා. මං Ranker එක ගැන දැනගන්නෙ මගේ අක්ක කෙනෙක්ගෙන්‌. මං හිතුවේ ඒකත් zoom වලින්‌ උගන්නන්නව වගේ කම්මැලි එකක්‌ කියලා. ඒත් එකක්‌ දෙකක්‌ බැලුවම මටත් ආස හිනුනා. පස්සේ මං විභාග ගැටලු හදනකොට ප්‍රශ්න ආවම මට ඒවා එක පාරටම නේරෙන්නෑ මේ දේ කොහොමද හිතන්නේ කියලා. මට ඒ දේ නේරුම්‌ ගන්න Ranker එකේ අයියලා අක්කලා උදව්‌ කළා. මම combined එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සීමාව ගාණම ගොඩ දැම්මේ Ranker එකෙන් බලලා.

මේක ගොඩක්‌ හොද වැඩක්‌.මේක තව Update කරලා මේකට Commerce/Arts වගේ විෂයනුත් එකතු කළානම් ගොඩක්‌ හොදයි. මොකද මං මේ ගැන යාලුවෝ එක්ක කිව්වම එයාල අහන්නේ commerce වලට එහෙම නැද්ද කියලා. එයාලටත් මේ වගෙම නිබ්බනම්‌ හොදයි කියල හිතෙනවා. Ranker එකේ අයියලා අක්කලාට මගේ හදවතින්ම සුභ පනනවා මේ දේ දිගටම මේ වගේම කරගෙන යන්න කියලා. ඒ වගේම මේ වගේ දෙයක්‌ කරන්න ඔනේ කියලා හිනුන අයටයි මේ දේ මේ තත්වෙට ගේන්න මහන්සි වුණ හමෝටම මං සුභ පනනවා. ♥️🤝🏻

👍🏻Good Luck

Read more
Image

Verified

Rushini Fernando
2020 A/L

දයාබර අක්කේ, අයියේ. අනන්ත වූත්, අප්‍රමාණ වූත්, විද්‍යා සාගරය තරණයට, නැගෙන ජල කඳ, ගැටෙන ගල්පර, අභිබවා යන්නට, වෙර දිරිය ලබාදුන්, Ranker.lk අක්කලා අයියලාට ගොඩක් ගොඩක් ස්තුතියි...

ඇත්තටම කියනවා නම්‌ මේ වගේ දෙයක්‌ කරන එක ඇත්තටම ගොඩක්‌ වටිනවා.මොකද අද ගොඩක්‌ අය තනියෙන්‌ තමන්ගේ පාර හදා ගන්නවා විතරයි. නව කෙනෙක්‌ ගැන හිතනව අඩුයි. ඉතින් ඒ වගේ කාලෙකනේ අපි ඉන්නේ.. ඉතින් එහෙම කාලෙක මේ වගේ දෙයක්‌ කරන්න හිතෙනව කියන්නේ ඒක ගොඩක්‌ වටින අදහසක්.

මගේ අදහසක්‌ විදියට මං කැමනි තියරි කොටසක්‌ එක්කම මේ ප්‍රශ්නන්‌ කරනවා නම්‌..එකෙන්‌ අමතක වෙලා තියෙන දෙයක්‌ නම්‌ මතක් කර ගන්නන්‌ පුළුවන්‌ නේ.. ගොඩ වෙලාවක්‌ නෙවෙයි. ටික කාලයක්‌. ඉතින් ආයෙත් කියන්න නියෙන්නේ මං නම් මේ වැඩේට කැමතියි… ඉතින් ගොඩක් ස්තුතියි Ranker.lk එකේ කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාම ඇතුලු එ හැම අක්කෙක්ටම, අයියෙක්ටම.. ඔයාලට තවත් මේ වගේ සත් කාර්‍යයන් කරන්න දිරිය ශක්තිය ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ස්තුතියි!

Rushini Fernando – Physics

Read more
Image

Verified

Ruckmanthi Rathnayake
2020 A/L

Ranker.lk වෙබ්‌ සයිට්‌ එක කරන අක්කලා අයියලාට ගොඩාක්‌ පින්‌. මොකද කිවුවොත්‌ අක්කෙ අයියේ මම මේ සැරේ විභාගය අත අරින්නම බලාපොරොත්තු වුණ කෙනෙක්‌. මම 12 වසරේ පළමු වාරයෙන්‌ පසුව පංතියේ වත්‌ හිටිය නැති කෙනෙක්‌. මොකද මම පාසලේ ගොඩාක්‌ බාහිර වැඩ කරපු කෙනෙක්‌. පුළුවන්‌ හැම වෙලාවකම පංතියේ ඉන්න උත්සාහ කරත්‌ අධික කාර්යබහුල නිසා මට මාසෙටම පංතියේ හරියට කාලච්ඡේද 8 ම ඉගෙනගන්න වුනේ දවසක්‌ නැත්තම්‌ දෙකක්‌ වගේ පොඩි කාලයක්‌. අමතර පංති එහෙමත්‌ ගොඩාක්‌ මග හැරුනා. 12 වසරේ පලමු වාරයෙන්‌ පස්සෙ පොතක හරි සටහනක්‌ වත්‌ මට තිබ්බෙ නැහැ. පුළුවන්‌ හැම වෙලාවකම ලියාගත්ත පොඩි කරුණු කීපයක්‌ පමණයි තිබුනේ. අමතර පංති වලත්‌ සටහන්‌ ගොඩාක්‌ මග ඇරිලායි තිබ්බෙ.මම කරපු බාහිර වැඩ වලින්‌ මම නිදහස්‌ වුණේ 2020 පෙබරවාරි මාසයේ අන්තිමට. ඊටපස්සෙ තමයි මම කල්පනා කරේ විභාගයට මොකද කරන්නෙ කියලා .

ඊටපස්සෙ පැමිණි දීර්ඝ නිවාඩුවේ විවිධ මාර්ගගත පංති වලට සම්බන්ධ වෙමින්‌ මට හැකි පමණ ඉගෙනගන්න උත්සාහ කරා. දීර්ඝ නිවාඩුවෙන් පස්සෙ අමතර පංති වලට මම සහභාගි වුනත්‌ මට කිසිම දෙයක්‌ තේරුනේ නැහැ. ඉන්පසුව මම සිද්ධාන්ත පංති යාම නතර කරා.එහෙම ඉන්න අතරේ මට මේ වෙබ්‌ අඩවිය ගැන ආරංචි වුණා. ඒ වෙනකම්‌ මම හිටියෙ දෙවන වර විභාගය සාර්ථක කරනවා යනන්‌ අරමුණින්. Ranker වෙබ්‌ අඩවියට පිං සිද්ද වෙන්න මම විෂයන්‌ තුනේම තියෙන පාඩම්‌ ගැන ලොකු අවබෝධයක්‌ ලබා ගත්තා. පාඩමෙන්‌ පඩමට අක්කලා අයියලා ප්‍රශ්න වලට උත්තර ලියන විදිහ කියලා දුන්නා. සිද්ධාන්ත කියලා දෙයක්‌ ඉගෙනගත්තා නම්‌ ඒ ඉගෙනගත්තෙ මේ වෙබ්‌ සයිට්‌ එකෙන්ම තමා. ඊලගට ඔයාලා කියලා දුන්න බහුවරණ ප්‍රශ්න පැහැදිලි කරන විදිහ, ඒවාට උත්තර ගන්න ඔයාල කියලා දීපු ක්‍රම වලින්‌ තමා ප්‍රශ්න පත්තරය ලිවුවේ.

ඔයාලට පිං සිද්ද වෙන්න තමයි මම ව්‍යූහගත රචනා සහ රචනා වලට උත්තර ලියන විදිහ ඉගෙනගත්තෙත්‌. මට එපා වෙලා තිබ්බ විභාගය ලියන්න හරි හිතක්‌ හැදුනේ Ranker වෙබ්‌ අඩවියේ වීඩියෝ බලපු නිසා. ඔයාලා මේ කරන අධිවේගී පුනරීක්ෂණ ඉගෙනුම්‌ ක්‍රමය කෙටි කාලයක්‌ ඇතුළතදී මුළු විෂය නිර්දේශයම ආවරණය කරලා දෙන යන්ත්‍රයක්‌ වගේ කියලා තමා මට කියන්න තියෙන්නෙ. මගේ විභාග ප්‍රතිඵලය කෙසේ වුවත්‌ විභාගයට මම ලියන්න කියලාවත්‌ දෙයක්‌ ඉගෙන ගත්තෙ මේ වෙබ්‌ අඩවිය හරහා තමා. මේ වෙබ්‌ අඩවිය විෂය බාහිර කටයුතු වල නිරත වෙමින්‌ ඉන්න අන්තිම මොහොතේ විභාගයට ආත්ම විශ්වාසයක්‌ ඇතුව විභාගයට යන්න උදව්වක්‌ හොයන ළමයෙක්ට වගේම උසස්‌ පෙළ අවුරුදු 2 1/2 තුල කිසිදු අවබෝධයකින්‌ තොරව හැසිරෙන අයටත්‌ මේ වෙබ්‌ අඩවිය ඉඩෝරයට අහු වුන කුඹුරකට දිය පොදක්‌ වගෙයි. ඔයාලට පුළුවන්‌ නම්‌ තව මේ වෙබ්‌ අඩවියට ඔයාලා හැම පාඩමෙන්ම අනුමාන හදලා වෙනම තව පුනරීක්ෂණ යක්‌ කරන්න පුළුවන්‌ නම්‌ මම වගේ අසරණ වූ අයට වඩාත්‌ ප්‍රතිඵල දායකැයි මම හිතනවා. නංගිලා මල්ලිලා ඔයාලට වුනත්‌ කියන්න තියෙන්නෙ මේ වෙබ්‌ අඩවියේ අය කිරීම්‌ ගාස්තු සාධාරණයි කියලා. මේ වෙබ්‌ අඩවියේ තියෙන වීඩියෝ වල වටිනාකම තේරුම්‌ යන්නෙ විභාගයට මුහුණ දී අවසන්‌ වූ පසුවයි. ඔයාලා හැමෝගෙම ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. 😊

ස්තූතියි!

Read more
Image

Verified

A.M Kaumina Niraj
2020 A/L

ආයුබෝවන්‌, මම කව්මිණ නිරාජ්‌,

ඉගැන්වීමට එහා ගිය දෙයක් ranker.lk හරහා සිදුවෙනවා. ඒ තමයි (Timing) කාලය. උසස් පෙළදී කාලය ගොඩක් වැදගත්. ඇත්තම කිවුවොත් අපි බොහෝ දෙනා Time තියලා papers කරන්නෙ නැනේ. නමුත් ranker.lk හි අප මිලදී ගන්න පාඨමාලාවට අදාලව අපි පිළිතුරු සපයන්න ඕනා. ප්‍රශ්නපත්‍ර Timing වලට තමයි කරන්න ඕන. Submit කලාම එවෙලෙම ලකුණුත් හම්බෙනවා. අප ගන්න පාඨමාලාව දින 90 වලංගු වෙන හින්දා නැවත නැවත නැරඹීමට හැකිවීමත් තවත් වාසියක් වගේම විශේෂ වට්ටම් පවා තිබෙනවා.

  • 💥පළවෙනියට, මම මෙහි දකින්නේ මෙහි තියෙන්නේ වීඩියෝ මාලාවකි. එම නිසා කම්මැලි අයෙකුට 🤭පවා මේ නැරඹිය හැක.
  • 💥අනික, මේ වීඩියෝ මාලාවේ පැය ගණන්‌ ලොකු පත හැලී නැත. කෙටියෙන්ම කිව්වොත්‌ සරලව, ඉතාමත්‌ කෙටි වෙලාවකදි, කොටස්‌ වශයෙන්‌ පාඩම්‌ කඩා කියලා දෙනවා.
  • 💥අනෙක හොඳටම පැහැදිලි ලෙසට කියලා දෙනවා
  • 💥විභාගය උසස්‌ ලෙස සමත්‌ අයියලා අක්කලා මේ වැඩසටහන සිදු කරන නිසා, එයාල විභාගය සඳහා උපයෝගී කරගත්‌ කෙටි ක්‍රම පවා මේ පාඩම්‌ මාලාව තුළ අපට කියලා දෙනවා
  • 💥අපි ගෙවන මුදලට ඉතාමත්‌ සාධාරණ ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
  • 💥මෙහි කොටස්‌ වශයෙන්‌ තියෙන නිසා අපට එක්‌ කොටසක්‌ හෝ මග හැරුනු පාඩමක්‌ නම්‌ එම කොටස පමණක්‌ බැලීමට පුළුවනි. එමගින්‌ අපට කාලය නාස්ති නොකර අවශ්‍ය දේ පමණක්‌ බැලීමට හැකි වනවා.
  • 💥මම මෙහි දකින තවත්‌ විශේෂ දෙයක්‌ වන්නේ, මෙහි අපි වැඩ කරන විට දී අපට එන සියලුම ප්‍රශ්න නිරාකරණය දීම සඳහා Ranker.lk එකේ අය ගොඩක්‌ සහයෝගය ලබා දෙනවා (මට මතකයි එක දවසක්‌ මගේ password එක මට හරියට හදාගන්න බැරි වෙලා මම එයාලට කිව්වා. එවෙලාවේ එයාලම කෝල්‌ අරගෙන නැවත,මගේ ප්‍රශ්නය විසඳලා දුන්නා.
  • 💥තව දෙයක්‌ මම මේ වෙබ්‌ සයිට්‌ එක පාවිච්චි කරද්දි ඒකෙ exam එකට දින ගණන්‌ කරන පොඩි Calculator වගේ දෙයක්‌ තියෙනවා .මං ඒකට ගොඩක්ම ආසයි මොකද ඒකෙ තප්පර ගානට පවා කාලේ අඩුවෙනවා පෙන්නනවා,

  • 👉🏻 මෙම වැඩසටහන තුළ මම දකින විදියට තවත්‌ ඉදිරියට සංවර්ධනය විය යුතු කරුණු ලෙස
  • 👉🏻 මෙම වැඩසටහන website තුළ නොව app එකක්‌ ලෙස භාවිත කරන්නේ නම්‌ බොහෝ වටිනවා, මොකද සිග්නල්‌ අපහසුතා තියෙන අයට වුවද ඉතාමත්‌ වැදගත්‌ වන නිසා .
  • 👉🏻 තවත්‌ දෙයක්‌, මට මෙම වැඩසටහන ගැන දැනගන්න ලැබුණේ ෆේස්බුක්‌ මගිනි. මේ තවත්‌ යූටියුබ්‌ වැනි තවත්‌ සෝෂල්‌ මීඩියා හරහා ප්‍රචාරණ කිරිම මගින්‌ දන්නැති අපේ යහළු යෙහෙළියන්ට ද දැනගැනීම සඳහා ගොඩක්‌ පිටුවහලක්‌ වෙනවා .

A.M Kaumina Niraj – Combined Maths

Read more
Image

Verified

Chamodi Nanayakkara
2020 A/L

'The meaning of life is to find your gift. The purpose of life is to give it away." - Pablo Picasso

When it was just 3 months for my A/L exam, I got a message from a newly formed website. First of all, I thought it might be another website promoting a group of teachers. But, then I found out, it's done by most of the previous island Rankers. I read each of their stories which were really interesting and motivating...

I tried the free trial and joined the sessions for chemistry and physics. I'm not a genius student in class usually. But I keep up with my grades by hard work. At the time I was joining Ranker.lk, I had completed the syllabus in all 3 subjects and had finished almost all past papers for 10 years. But, when I joined the video lessons in Rankers.lk, I realized that I had missed some important points in theory.

Through these video lessons, they discussed selected past paper questions to cover up the theory part and most importantly, they taught some tips to approach the questions and some easy methods to memorize several theory parts which I couldn't memorize even though I studied those for years.

The difference I felt in Ranker.lk with respect to other educational websites is the confidence. Each and every presenter is doing their level best to make that small time period of their session worth the money and time. Knowing that the person teaching the lesson is one of the island Rankers of our country, gave me confidence and interest to join Ranker.lk.

There were days that I couldn't make up my mind to study or do any work. But, on those days I attend some video lessons in Ranker.lk and at the end of the day, I have learnt something new and most importantly, I haven't wasted a second on that day. Ranker.lk helped me to get maximum use of time. I attended to the lessons whenever there is no chance to study books. In my point of view, Ranker.lk is a successful project done by our own brothers and sisters who have already found their gift in life and are willing to give it away to the society. It is truly a great helping hand for A/L students who need to take maximum use of time.

Read more
Image

Verified

Chamath perera
2020 A/L

මම දකින විදිහට Ranker.lk කියන්නෙ විශිෂ්ටයන්ගේ පාරාදීසයක්. Ranker.lk වෙබ් අඩවියට පිවිසුන ගමන්ම තියන්නෙ හරිම ලස්ස්න පාඨයක්. ඒ තමයි “ එන්න අපි ජීවිතය ජය ගමු” කියලා. ඒ විතරක් නෙමෙයි උසස් පෙළ විභාගහයට පවතින දින ගණන සදහන් වෙනවා. ඒ හරහාත් ඔවුන් දක්වපු සහ ඉදිරියටත් උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දක්වන සහයෝගය අතිමහත්‍.

ඉගැන්වීමෙ ක්‍රමවේදය ගැන සදහන් කරොත්, මුළු විෂය නිදේශයම පාඩම් කොටස් අනු කොටස්වලට කඩලා තමයි උගන්නන්නේ. එකම පාඩම එක අක්කා කෙනෙක්ම අයියා කෙනෙක්ම කරන්නෙත් නැ. ඔවුන් බෙදාගෙන තමයි කරන්නේ. ඉගැන්වීමට එහා ගිය දෙයක් Ranker.lk හරහා සිදුවෙනවා. ඒ තමයි (Timing) කාලය. උසස් පෙළදී කාලය ගොඩක් වැදගත්. ඇත්තම කිවුවොත් අපි බොහෝ දෙනා Time තියලා papers කරන්නෙ නැනේ. නමුත් Ranker.lk හි අප මිලදී ගන්න පාඨමාලාවට අදාලව අපි පිලිතුරු සපයන්න ඕනා. ප්‍රශ්න පත්‍ර Timing වලට තමයි කරන්න ඕන. Submit කළාම එවෙලෙම ලකුණුත් හම්බෙනවා. අප ගන්න පාඨමාලාව දින 90 වලංගු වෙන හින්දා නැවත නැවත නැරඹ්මට හැකිවීමත් තවත් වාසියක්. ඒ වගේම විශේෂ වට්ටම් පවා තිබෙනවා.

මේ පාර A/L exam එකේදී MCQ වල ලොකු වෙනසක් කරන්න Ranker.lk පාඨමාලාව මට බොහෝ සෙයින් ඉවහල් වුණා. මේක ලංකාව තුළ පටන් ගත්ත ප්‍රථම සහ අලුත්ම සුපිරිම සුපිරි වැඩක්. උසස් පෙළ ලියන හැමෝටම මම ආරධනා කරනවා මෙම පාඨමාලාව සමග එක්වන්න කියලා. මොකද? වගකීමෙන් මම කියන්නෙ අනිවාර්‍යයෙන්ම exam එකේදී MCQ වල ලොකු වෙනසක් කරන්න පුළුවන්.

චමත් පෙරේරා - Biology

Read more
Image

Verified

Sansala Ranaweera
2020 A/L

මම සoසලා. මම Biology එකෙන්‌ 2020 A/L විභාගයට පෙනී සිටියා.

Ranker.lk එක ගැන මුලින්ම දැන ගන්නේ Telegram Group එකක්‌ හරහා. මම මේකට සම්බන්ධ වෙද්දී මාස දෙකක් වගේ කෙටි කාලයක් තමයි exam එකට තිබුනේ. Hall class වලට විතරක් සම්බන්ධ වෙලා හිටිය නිසා මට Syllabus එක සම්පූර්ණයෙන්ම Cover වෙලා තිබුණෙත් නෑ. Online class වලට යන අතර මම Past papers MCQ කර ගන්න මේ website එකට join වුනා.

Ranker.lk වල් Chemistry සහ Physics වලට මම සම්බන්ධ වුනා. විශේෂයෙන්ම Physics වල ධාරා විද්‍යුතය, යාන්ත්‍ර විද්‍යාව MCQs වේගයෙන් නිවැරැදිව හදන ක්‍රම ඒ mcq discussion videos වල දාල තිබුනා.

ඒ වීඩියෝස් A/L exam එකට හොද rank ගත්ත අයියලා අක්කලා උගන්නන නිසා ඒ දේවල් හොදින් තේරුම් ගන්න පුළුවන් වුණා වගේම අපිත් මේ වගේ තැනකට එන්න ඕන වගේ motivation එකකුත් ආවා. ඉතා කෙටි කාල වලට මේ වීඩියෝස් සීමා වෙල තිබුන නිසාත් වීඩියෝ වලින් MCQ ප්‍රශ්නවලට අමතරව ඊට අදාල speed revision එකකුත් කල නිසා theory කරුණු ඉක්මනින් මතක් කරගන්න අවස්ථාව ලැබුනා. 🤗 🤗 🤗 මේ website එක Bio, Maths කරන නංගිලා මල්ලිලාටත් Revision කරන අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම මේ වීඩියෝස් දාලා අපගේ නැණ නුවන පැදීමට වෙර දැරූ අයියලා අක්කලාට ගොඩක් ස්තුතියී.

I wish you success in all your endeavors. ♥️♥️

Read more
Image

Verified

Ravindu Edirisinghe
Bio 2020 A/L

ඇත්තටම වීඩියෝ ටිකනම් ගොඩක් උදවු වුණා .මම physics ,chemistry විෂයන් දෙකේම අන්තිම පාඩම් දෙකම ඉගෙනගෙන තිබ්බේ නැ. වීඩියෝ ටිකෙන්නම් ගොඩක් උදවුවක් වුණා විෂයන් දෙකේම තියරි කවර් කරගන්නත් පුළුවන් වුණා. විෂයන් දෙකම අමතක වෙල තිබ්බේ, හොදටම වීඩියෝ ටික ඒවා ආයෙත් මතක් කරගන්න ගොඩක් උදවු වුණා. අපි අසරණ වෙලා ඉන්න වෙලාවක මේ වගේ රිවිශන් වැඩසටහනකින් මුළු සිලබස් එකම කවර් කරන හින්දා කම්මැලි කමක් නැතුව ආසාවෙන් ඉගෙනගන්න පුළුවන් වුණා.

මමනම් හිතන්නේ වීඩියෝ බැලුව ඔක්කොමලට හොදක් වෙන්න ඇති කියලා. ගොඩක් පින් මේවගේ වැඩක් කරන එකටනම්, මෙකට සම්බන්ධ වෙලා ඉන්න අයියලා අක්කලාඔක්කොටම පින්, දිගටම මේ වැඩසටහන කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

Read more
Image

Verified

Chamindu Shehan
2020 A/L

ඇත්තටම ගොඩක්‌ හොඳයි MCQ වලට ඕන කරන තියරි සුපිරියටම කරනවා. එක්සෑම්‌ එක ළං වෙලා සබ්ජෙක්ට්‌ තුනේම Theory ඔක්කොම එකපාර පොඩි කාලයක්‌ ඇතුළත ඉක්මණට මතක්‌ කරගන්න පුළුවන්. ☺️

MCQ points වලට කියලා දෙන නිසා එක මාරම වවිනවා… ඒ වගේම Marks දෙන points එහෙමත් කියලා දෙනවා... Past papers කරද්දි ඒ ප්‍රශ්නෙට අදාල Theory වෙනම තියෙන එකන්‌ මාරම විදිහට වටිනවා...මේකේ වටිනාකම දන්නේ ඉතිං Ranker එකට join වුණ අයම තමා... ඇත්තටම Ranker එකේ අයියලා අක්කලාට මම Thanks කරනවා. මේ වගේ ඉතාම අඩු මුදලකට විෂයන්‌ තුනේම සම්පූර්ණ තියරි, ඒත් එක්කම ප්‍රශ්න කියලා දුන්නාට...මේ වැඩ තවත් හොදට කරගෙන යන්න කියලා Ranker එකේ අයියලා අක්කලාට විෂ් කරනවා...🙏🙏🙏♥️♥️♥️♥️♥️

අන්තිමට කියන්න තියන්නේ මේක සුපිරියක් තමයි. මේකෙන්‌ මං‌ වගේ තව කීදෙනෙක්ට හොදක්‌ වෙයිද? ඒක හින්දා මේක නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන යන්න Ranker එකට සුභ පතනවා!

Thank you again 🙏♥️

Read more
Image

Verified

W.S.P.Kaveeshwara
2020 A/L

ඇත්තටම මට Ranker එක හම්බෙන්නෙ Exam එකට මාස තුනක්‌ වගේ කාලයක් තියල. ඒකාලේ මොකද්ද කරන්නෙ කියල හිතාගන්න බැරුව තමයි හිටියෙ. කොරෝනා හින්දා class තිබ්බෙත් නැතිනිසා තවත් අසරණ වෙලා හිටියෙ. මම internet එකේ හොයන්න ගත්තා online study කරන්න platform එකක්. සමහර site තිබ්බත් ඒවයි lessons පිළිවෙළකට නෑ.

ඔහොම හොයද්දි තමයි Ranker එක හම්බෙන්නෙ. ඒකට Register වෙලා බැලුවම මට ඕන හැම පාඩමක්ම පිළිවෙලකට තිබ්බ ඒකෙ. ඉතින් හිතට අල්ලපු නිසාම මං‌ Pay කරල පාඩම්‌ ටික ගත්තා. ඇත්තටම කියන්න වචන නෑ සුපිරියක්ම තමයි. සරල ප්‍රශ්න වල ඉදන්‌ අමාරු ප්‍රශ්නවලට යනකම්‌ කරන්න ඉගෙනගත්තේ Ranker එක නිසා. අනික තමයි අපිට වඩා අවුරුද්දක්‌ දෙකක්‌ වැඩිමල්‌ අයියල අක්කල කියල දෙන නිසා කිසිම කම්මැලිකමක්‌ නෑ, යාලුවෙක්‌ කියාදෙනව වගේ තමයි දැනුනෙ. ඒවගේම තමයි අනිවාර්යයෙන්ම කියන්න ඕනා customer support එකනම් පට්ට. ලංකාවේ කිසිම online platform එකක මේවගේ එකක්‌ දැකල නෑ, එක ගන්න කලින්‌ වගේම ගත්තට පස්සෙත් මාර support එකක් දුන්නා.

අන්තිමට කියන්න තියන්නේ මේක සුපිරියක් තමයි. මේකෙන්‌ මං‌ වගේ තව කීදෙනෙක්ට හොදක්‌ වෙයිද? ඒක හින්දා මේක නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන යන්න Ranker එකට සුභ පතනවා!

W.S.P.Kaveeshwara 2020 A/L

Read more
Image

Verified

B.M Mahela Maduwantha.
2020 A/L

මම B.M Mahela Maduwantha. මම Ranker එකේ chemistry subject එක ගත්තේ. Ranker එකෙන් කරන මේ දෙය ගොඩක් වටිනවා. Chemistry subject එකේ මට අමරු ගොඩක් පාඩම් මම cover කර ගත්තේ Ranker එකෙන්. Past papers වල ගොඩක් හොද ප්‍රශ්න සාකච්ඡා කරන නිසා ලොකු උදවුවක් වුණා මට.

මම Ranker team එකට thanks කරනවා මොකද මම මුලින් past papers කරපු නැති කෙනෙක්. ඒත් Ranker එකේ videos බලන නිසා මං ගොඩක්ම past papers කරා. මං ඔයාලගෙන් ඉල්ලීමක් කරන්න කමතී මේ programme එකෙන් subject වලට අදාලව theory කොටස් video මගින් මේ විදිහට කරන්න කියලා.

ඒ වගේම Ranker team එකේ ඉන්නේ ඔක්කොම A/L Exam එකෙන් best results ගත්ත අය. ඒ නිසා මං ඉල්ලනවා ඔයලා exam face කරපු ආකාරය වගේම ලමයින්ව motivate කරන videos add කරන්න කියලා. මොකද ගොඩක් වටිනවා ඔයලගේ අදහස්... Thank you..

I wish you all the best.. GOOD LUCK 👍🏻👍🏻♥️

Read more
Image

Verified

Imesh Dilshan
2020 A/L

Ranker.lk කියන්නෙ ලංකාවේ A/L exam එකෙන්‌ High score අරගත්ත ලංකාවේ Ranker අයියලා අක්කලා මෙහෙයවන speed revision programme එකක්. ඉතින් ඒ Programme එක මම අරගත්තෙ exam එකට මාස 3කට කලිනුයි... ඇත්තටම මට හරියටම වැදගත්වුණා.. මට අමාරුවෙලා නිබ්බ පාඩම්‌ ඉක්මනට වගේම හරියටම ඉගෙනගන්න මේ Programme එක ලොකු උදවුවක් වුණා. ඉතින් මං කියන්නෙ ඊළඟ වසරවලදී exam ලියන අයටත් මේ වැඩසටහන ලොකු උදවුවක් කියලා...

ඒ වගේම මට මේ වැඩසටහනේ ඉදිරියට වර්ධනය විය යුතු දේවල්‌ විදිහට දකින්නේ අනුමාන MCQ තවදුරටන්‌ නිබ්බානම්‌ හොඳයි.. VIDEO එකේ discuss කරන MCQ video එකට අදාලවත් දීල තිබ්බ එක තමයි අවුලක්‌ වුනේ.. තව අලුතින් මේකට එන නංගිලා මල්ලිලට Free Video කිහිපයක්‌ වැදගන්‌ පාඩම්වලට අදාලව ලබාදුන්නානම්‌ එයාලට මේ වැඩසටහනට එකතුවෙන්න ලොකු inspiration එකක්‌ වෙයි...

මේ වැඩසටහන දිගටම හොඳින්‌ කරගෙන යන්න සුබ පතනවා...

Read more
Image

Verified

Ravindu Kalhara
2020 A/L

Ranker.lk එකට මාව recommend කරල තිබ්බේ මගෙ යාලුවෙක්. අගෝස්තු 23 තමයි මම Ranker එකට සම්බන්ධ වුණේ chemistry, physics පාඩම් දෙකට.

ඇත්තටම මං ඒ වෙලාවෙ physics පාඩම් ගොඩක් හරියට තේරුනේ නැති නිසා අත ඇරල තිබ්බේ. මුලින් ලොකු විශ්වාසයක් තියාගෙන නම් නෙමෙයි මම බැලුවේ. ඒත් මට වීඩියෝ 2ක් 3ක් බලද්දී ඒ කියල දෙන විදිහත් එක්ක ඒකට ආස හිතුනා. Ranker එක නිසා මට ගොඩක් පාඩම් වල මිස් වුණ ඒවා අල්ලගන්න පුළුවන් වුණා. Chemistry වල organic, වායු වගේ පාඩම් ඇත්තටම අපිට තේරෙන විදිහට පැහැදිලි කරල තිබ්බා.

මං හිතනව පාසල් වලින් අමතර පන්ති වලින් හරි පාඩමක් මග ඇරිල තිබ්බනම් ඕනෙම කෙනෙක්ට Ranker.lk එක ලොකු උදවුවක් වෙනවා. ඕනෙම කෙනෙක්ට සාධාරණ මුදලක් තමයි ගෙවන්න තිබ්බේ. ඇත්තටම ඒ මුදලට වැඩිය ගොඩක් වටිනවා. අන්තිම මොහොතේ හරි විභාගය අත අරින්නෙ නැතිව විභාගය වෙනුවෙන් ලොකු දෙයක් කරගන්න Ranker එක උදවුවක් වුණා මට. Ranker අක්කලා අයියලා ඔක්කොටම ගොඩක් thanks මේ වැඩේට. ඒ වගේම Ranker.lk එකේ management එකටත් ගොඩක් thanks මේ වගෙ වටින වැඩක් අපි වෙනුවෙන් කරනවට.

මං හිතනව සමහර පාඩම් වල තියරි තව චුට්ටක් පැහැදිලි කරල දෙන්න පුළුවන් වුණානම් හොදයි කියලා. ඇත්තටම Ranker.lk වෙනුවෙන් තමන්ගේ දවසින් පැය 4ක් 5ක් දෙන්න පුළුවන් අපිට විභාගය වෙනුවෙන් වටින් දෙයක් ගන්න පුළුවන්.Thanks Ranker.lk හැමෝටම.

Read more